වැඩ වර්ජන අද පෙරවරු 8ට අවසන්

සෞඛ්‍යය, අධ්‍යාපන, වරාය, විදුලිබල, ජල සම්පාදන, තැපැල් සහ බැංකු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරු 8ට අවසන් කෙරෙනවා.

ජනාධිපතිවරයා සමග පැවැති එකඟතාවයක් හේතුවෙනුයි අද පෙරවරු 8ට වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන ඇත්තේ.

රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවා.

ගුරු විදුහල්පති සංගම් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් පාසැල් පද්ධතියට ද බලපෑම් එල්ල වුණා.

කෙසේවෙතත් අද දිනයේ ගුරු – විදුහල්පතිවරුන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ද වර්ජනයට එක්වීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට ද බාධා එල්ලවුණා.

එහෙත් ඊයේ පෙරවරුවේ මෙන්ම පස්වරුවේ ද සියලු දුම්රිය මාර්ග ආවරණය වන පරිදි කොළඹ කොටුවේ සිට දුම්රිය ගමන්වාර 10 ක් ක්‍රියාත්මක කළ බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46