බොරතෙල් මිල පහළට

අද දිනයේ (10) ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 81.12ක් ලෙසටයි.

ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.13 දක්වා පහළ ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 86.26ක් ලෙස සටහන් වී තිබූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර දැක්වුණේ ඩොලර් 80.46ක් ලෙසටයි.

මේ අතර ඉදිරි කාලය තුළ ඉන්ධන මිල අඩු කිරීමට හැකි වනු ඇති බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද ප්‍රකාශ කළා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍වරයා කියාසිටියේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යමින් පවතින බවයි.

පසුගිය දිනවල රුපියල ශක්තිමත් වීමත් සමඟ නව ඉන්ධන තොග අඩු මිලට මිලදී ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව කොළඹ වරායට රැගෙන එනු ලබන ඉන්ධන අඩු මුදලකට ලබා ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු කියාසිටියේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, ඒ අනුව එම මිල අඩු වීමේ ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත හිමිවන බවයි.

ඉන්ධන මිල අඩු කිරීම අනෙකුත් භාණ්ඩවල මිල අඩුවීමට ද ඉවහල් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අතර පසුගිය මාස 13 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සිල්ලර හා කාර්මික ඉන්ධන අලෙවියේ බිඳවැටීමක් ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසුවේ 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේදී සිල්ලර හා කාර්මික ඉන්ධන අලෙවියේ අඩුවීමක් වාර්තා වී ඇති බවයි.

මෙම කාලය තුළ ඔටෝ ඩීසල් අලෙවිය 50% කින්, පෙට්‍රල් 30% කින් සහ භූමිතෙල් භාවිතය 70% කින් පමණ අඩුවීමක් වාර්තා වී ඇති බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?