බොරතෙල් මිල පහළට

අද දිනයේ (10) ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 81.12ක් ලෙසටයි.

ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.13 දක්වා පහළ ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 86.26ක් ලෙස සටහන් වී තිබූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර දැක්වුණේ ඩොලර් 80.46ක් ලෙසටයි.

මේ අතර ඉදිරි කාලය තුළ ඉන්ධන මිල අඩු කිරීමට හැකි වනු ඇති බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද ප්‍රකාශ කළා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍වරයා කියාසිටියේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යමින් පවතින බවයි.

පසුගිය දිනවල රුපියල ශක්තිමත් වීමත් සමඟ නව ඉන්ධන තොග අඩු මිලට මිලදී ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව කොළඹ වරායට රැගෙන එනු ලබන ඉන්ධන අඩු මුදලකට ලබා ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු කියාසිටියේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, ඒ අනුව එම මිල අඩු වීමේ ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත හිමිවන බවයි.

ඉන්ධන මිල අඩු කිරීම අනෙකුත් භාණ්ඩවල මිල අඩුවීමට ද ඉවහල් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අතර පසුගිය මාස 13 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සිල්ලර හා කාර්මික ඉන්ධන අලෙවියේ බිඳවැටීමක් ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසුවේ 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේදී සිල්ලර හා කාර්මික ඉන්ධන අලෙවියේ අඩුවීමක් වාර්තා වී ඇති බවයි.

මෙම කාලය තුළ ඔටෝ ඩීසල් අලෙවිය 50% කින්, පෙට්‍රල් 30% කින් සහ භූමිතෙල් භාවිතය 70% කින් පමණ අඩුවීමක් වාර්තා වී ඇති බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තලපති විජේගේ ජයග්‍රහණය පුස්සල්ලාවේ ජයටම සමරපු හැටි
01:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.06
08:14:25
Video thumbnail
අපේ සමගිය කඩන්න සාගර කුමන්ත්‍රණ කරනවා
02:46
Video thumbnail
විපක්ෂ මන්ත්‍රී කාමරයට කඩන් පැනලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලා කරපු කැත වැඩේ ?
06:33
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිවරු ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ඉල්ලනවා
09:15
Video thumbnail
අජිත් පී පෙරේරාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
07:44
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:52
Video thumbnail
කන්ටේනර් 323 ගැන ගම්මන්පිල කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..අර්චුනාගේ සැකය සාදාරණයි
05:38
Video thumbnail
මාලිමාවේ හොරු ටික අපි අල්ලනවා - ලෑස්ති වෙලා ඉන්න
14:43
Video thumbnail
විදුලි ගාස්තු සංශෝධනය ගැන සජිත් PUCSL එකට ගිහින් කට අරියි..මෙතන මිල විකෘති කරනවා
08:37