ඡන්දය පැවැත්වීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් හා මුදල් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ මුද්‍රණාලාධිපතිනිය ගංගානි ලියනගේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබෙනවා.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේදී දිවා කාලයට පොලිස් නිලධාරීන් 35 ක් හා රාත්‍රී කාලයට නිලධාරීන් 28 දෙනෙකු අවශ්‍ය බවයි ඇය පොලිස්පති වරයාට දැනුම් දී තිබෙන්නේ.
පළාත් පාලන මැතිවරණය සදහා රුපියල් මිලියන 500 ක් අවශ්‍ය බවත් දැනට ලැබී ඇත්තේ මිලියන 40 ක් පමණ බවත් පවසන රජයේ මුද්‍රණාලාධිපතිනිය එම මුදල් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සිය ලිපියෙන් දැනුම් දී තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව තිබෙන්නේ ලබන 28 ,29, 30,31 යන දින හතර තුළයි.













