AFC Banner
Empty Ad
Empty Ad

32 හැවිරිදි දෙදරු මව කෙළෙසූ අයෙක් පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 32ක දෙදරු මවක් බලහත්කාරයෙන් දූෂණය කළ බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව උදාසිරිගම පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, ලුණුවිල, තෙරේසා වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

අදාළ කාන්තාවගේ සැමියා මේ වනවිට විදෙස් ගතව සිටින අතර, පසුගිය 05 වනදා මෙම කාන්තාව දරු දෙදෙනා සමඟ නිවසේ සිටි අවස්ථාවේ දී සැකකරු විසින් ඇයව දූෂණය කර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එදින රාත්‍රී 9.00ට පමණ එම කාන්තාව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ සැකකරු මෙම අපරාධය සිදුකර තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් කාන්තාව විදෙස් ගතව සිටින සැමියාට දැනුම් දී ඇති අතර, සැමියාගේ උපදෙස් මත ඇය අපරාධය සම්න්බන්ධයෙන් උදාසිරිගම පොලීසියට ඊයේ (06) පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දූෂණයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37

?