32 හැවිරිදි දෙදරු මව කෙළෙසූ අයෙක් පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 32ක දෙදරු මවක් බලහත්කාරයෙන් දූෂණය කළ බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව උදාසිරිගම පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, ලුණුවිල, තෙරේසා වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

අදාළ කාන්තාවගේ සැමියා මේ වනවිට විදෙස් ගතව සිටින අතර, පසුගිය 05 වනදා මෙම කාන්තාව දරු දෙදෙනා සමඟ නිවසේ සිටි අවස්ථාවේ දී සැකකරු විසින් ඇයව දූෂණය කර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එදින රාත්‍රී 9.00ට පමණ එම කාන්තාව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ සැකකරු මෙම අපරාධය සිදුකර තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් කාන්තාව විදෙස් ගතව සිටින සැමියාට දැනුම් දී ඇති අතර, සැමියාගේ උපදෙස් මත ඇය අපරාධය සම්න්බන්ධයෙන් උදාසිරිගම පොලීසියට ඊයේ (06) පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දූෂණයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14