ඉහළ අහසේ සිදුවූ කැළඹීමකින් ගුවන් මගියෙකු ජීවිතක්ෂයට

ගුවන් යානයක් ඉහළ අහසේදී සිදුවූ දැඩි කැළඹීමක් (Turbulence) හේතුවෙන් එහි සිටි මගියෙකු තුවාල ලබා මිය ගොස් තිබෙනවා.

Bombardier Challenger 300 පෞද්ගලික ගුවන් යානය, නිව් හැම්ප්ෂයර් හි සිට වර්ජිනියාවේ ලීස්බර්ග් දක්වා පුද්ගලයින් පස් දෙනෙකු රැගෙන යමින් සිටියදී යි මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ.

මෙම සිද්ධිය හේතුවෙන් යානය කනෙක්ටිකට් හි බ්‍රැඩ්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සිකුරාදා පස්වරු 3.40 ට පමණ ගුවන් තොටුපළේදී වෛද්‍ය ආධාර ඉල්ලා කළ ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් පොලිසිය එක් මගියෙකු රෝහලට ප්‍රවාහනය කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඇමරිකා ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රකාශිකාවක් ප්‍රකාශ කර ඇත්තේ මෙම මගියාට සිදුවූයේ කුමක්ද යන්න හෝ වෙනත් අයෙකුට තුවාල සිදුවී ඇත්ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි.

යානයට සිදු වූ හානිය සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී නොමැති අතර, අනතුරට පත් පුද්ගලයා ආසන පටි පැළඳ සිටියේද යන්න තොරතුරු ලැබී නැහැ.

Federal Aviation Administration (FAA) ට අනුව මෙම ජෙට් යානය මිසූරි හි පිහිටි Conexon සමාගමට අයත් එකක්.

එම ගුවන් සමාගම ග්‍රාමීය ප්‍රදේශවලට අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීමට කටයුතු කරන අතර ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නැහැ.

යානය පස්වරු 3.55ට කීන් ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ අතර මිනිත්තු 20 කට පසුව බ්‍රැඩ්ලි ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබෙනවා.

ගුවන් යානය තුළ සිදුවූ දෑ විමර්ශනය කිරීමට කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ ඉතිරි මගීන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර ඇති අතර නියමු කුටියේ හඬ සහ දත්ත රෙකෝඩර (කළු පෙට්ටිය) ගෙන ඇතැයි සඳහන්.

එහි මූලික වාර්තාව සති කිහිපයකින් ලැබෙනු ඇතැයි සඳහන්.

වසර ගණනාවක් පුරා ගුවන් සේවා ආරක්ෂාව වැඩිදියුණු කළ ද වායුගෝලයේ කැළඹීම් හමුවේ ගුවන් මගීන්ට තුවාල වීමට නිසි පිළියම් යෙදීමට හැකියාවක් ලැබී නැහැ.

පසුගියදා ටෙක්සාස් සිට ජර්මනිය දක්වා පියාසර කරමින් සිටියදී Lufthansa Airbus A330 යානයක් කැළඹීමකට ලක්වීමෙන් හත් දෙනෙකු රෝහල් ගත කර තිබුණා.

එහෙත් එවැනි සිදුවීම් වලින් මරණ වාර්තාවීම අතිශයින් දුර්ලභයි.

2009 සහ 2018 අතර කාලය තුළ වාණිජ ගුවන් සේවාවල අනතුරුවලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට වායු ගෝලීය කැළඹීම් හේතු වී ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?