ඉහළ අහසේ සිදුවූ කැළඹීමකින් ගුවන් මගියෙකු ජීවිතක්ෂයට

ගුවන් යානයක් ඉහළ අහසේදී සිදුවූ දැඩි කැළඹීමක් (Turbulence) හේතුවෙන් එහි සිටි මගියෙකු තුවාල ලබා මිය ගොස් තිබෙනවා.

Bombardier Challenger 300 පෞද්ගලික ගුවන් යානය, නිව් හැම්ප්ෂයර් හි සිට වර්ජිනියාවේ ලීස්බර්ග් දක්වා පුද්ගලයින් පස් දෙනෙකු රැගෙන යමින් සිටියදී යි මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ.

මෙම සිද්ධිය හේතුවෙන් යානය කනෙක්ටිකට් හි බ්‍රැඩ්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සිකුරාදා පස්වරු 3.40 ට පමණ ගුවන් තොටුපළේදී වෛද්‍ය ආධාර ඉල්ලා කළ ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් පොලිසිය එක් මගියෙකු රෝහලට ප්‍රවාහනය කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඇමරිකා ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රකාශිකාවක් ප්‍රකාශ කර ඇත්තේ මෙම මගියාට සිදුවූයේ කුමක්ද යන්න හෝ වෙනත් අයෙකුට තුවාල සිදුවී ඇත්ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි.

යානයට සිදු වූ හානිය සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී නොමැති අතර, අනතුරට පත් පුද්ගලයා ආසන පටි පැළඳ සිටියේද යන්න තොරතුරු ලැබී නැහැ.

Federal Aviation Administration (FAA) ට අනුව මෙම ජෙට් යානය මිසූරි හි පිහිටි Conexon සමාගමට අයත් එකක්.

එම ගුවන් සමාගම ග්‍රාමීය ප්‍රදේශවලට අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීමට කටයුතු කරන අතර ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නැහැ.

යානය පස්වරු 3.55ට කීන් ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ අතර මිනිත්තු 20 කට පසුව බ්‍රැඩ්ලි ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබෙනවා.

ගුවන් යානය තුළ සිදුවූ දෑ විමර්ශනය කිරීමට කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ ඉතිරි මගීන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර ඇති අතර නියමු කුටියේ හඬ සහ දත්ත රෙකෝඩර (කළු පෙට්ටිය) ගෙන ඇතැයි සඳහන්.

එහි මූලික වාර්තාව සති කිහිපයකින් ලැබෙනු ඇතැයි සඳහන්.

වසර ගණනාවක් පුරා ගුවන් සේවා ආරක්ෂාව වැඩිදියුණු කළ ද වායුගෝලයේ කැළඹීම් හමුවේ ගුවන් මගීන්ට තුවාල වීමට නිසි පිළියම් යෙදීමට හැකියාවක් ලැබී නැහැ.

පසුගියදා ටෙක්සාස් සිට ජර්මනිය දක්වා පියාසර කරමින් සිටියදී Lufthansa Airbus A330 යානයක් කැළඹීමකට ලක්වීමෙන් හත් දෙනෙකු රෝහල් ගත කර තිබුණා.

එහෙත් එවැනි සිදුවීම් වලින් මරණ වාර්තාවීම අතිශයින් දුර්ලභයි.

2009 සහ 2018 අතර කාලය තුළ වාණිජ ගුවන් සේවාවල අනතුරුවලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට වායු ගෝලීය කැළඹීම් හේතු වී ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03