අම්බලන්තොට පාලමක් මතින් කතක් වලවේ ගඟට පනී

අම්බලන්තොට ප්‍රදේශයේ පාලමක් මතින් කාන්තාවක් වලවේ ගඟට පැන ඇති බව වාර්තා වනවා.

අද (03) පෙරවරුවේ එම කාන්තාව මෙලෙස පාලමෙන් පැන ඇති අතර, එම අවස්ථාවේ අසළ සිටි බෝට්ටුකරුවෙකු විසින් ඇයව බේරාගෙන ඇති බවයි අම්බලන්තොට පොලිසිය සඳහන් කළේ.

පාලම මතින් වලවේ ගඟට පැන්න කාන්තාව මීටර් දෙසීයක් පමණ පහළට ගසාගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ ගඟ හරහා යාත්‍රා කළ ඔරුව සිටි අයෙක් කාන්තවගේ කෙස් වැටියෙන් අල්ලා ඇයව බේරාගැනීමට කටයුතුකර තිබෙනවා.

ජලයේ ගසාගෙන යන අවස්ථාවේ දී ඇයව බේරාගැනීමට ආධාරක කිහිපයක් ලබාදුන් නමුත් කාන්තාව විසින් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කළ බවයි බෝට්ටුවේ සිටි පිරිස පවසන්නේ.

කාන්තාව ගඟට පැන ඇති ස්ථානය කිඹුලන් ගහන ස්ථානයක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

මෙලෙස සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇත්තේ අම්බලන්තොට, පුහුල්යාය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කාන්තාව මෙලෙස ගඟට පැන්න හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

https://youtu.be/0D1FojkIGmw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14