අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණයට

ප්‍රතිසංස්කරණය නොකර අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම වැව් දශක කිහිපයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකර අත්හැර දමන ලද වැව් බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික්ක ගණනාවක භාවිතයට හා ප්‍රතිසංස්කරණයට ලක් නොකර අත්හැර දමන ලද වැව් රැසක් පවතින බවට ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි අවධානයට ගනිමින් එවැනි අත්හැර දමන ලද වැව් කොපමණ ප්‍රමාණයක් තිබෙන්නේ ද යන්න සොයා බැලීම සඳහා සමීක්ෂණයක් අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබුවා.

දැනට සිදු කළ සමීක්ෂණ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක ගණනාවක අත්හැර දමන ලද වැව් සම්බන්ධව හඳුනා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

වගා කළ හැකි අක්කර 20කට වඩා කුඹුරු තිබෙන අත්හැර දමා ඇති වැව් පමණක් ප්‍රතීසංස්කරණය කර යළි ගොවිජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම වසර තුළ හම්බන්තොට, වව්නියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා ලද අත්හැර දමන ලද මෙම වැව් මෙම වසර තුළ ප්‍රතිසංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම වැව් යටතේ වී වගා කිරීම වෙනුවට එළවළු හා පලතුරු වගා කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත්, මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කිරීමට අවධානය යොමු කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?