අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණයට

ප්‍රතිසංස්කරණය නොකර අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම වැව් දශක කිහිපයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකර අත්හැර දමන ලද වැව් බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික්ක ගණනාවක භාවිතයට හා ප්‍රතිසංස්කරණයට ලක් නොකර අත්හැර දමන ලද වැව් රැසක් පවතින බවට ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි අවධානයට ගනිමින් එවැනි අත්හැර දමන ලද වැව් කොපමණ ප්‍රමාණයක් තිබෙන්නේ ද යන්න සොයා බැලීම සඳහා සමීක්ෂණයක් අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබුවා.

දැනට සිදු කළ සමීක්ෂණ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක ගණනාවක අත්හැර දමන ලද වැව් සම්බන්ධව හඳුනා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

වගා කළ හැකි අක්කර 20කට වඩා කුඹුරු තිබෙන අත්හැර දමා ඇති වැව් පමණක් ප්‍රතීසංස්කරණය කර යළි ගොවිජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම වසර තුළ හම්බන්තොට, වව්නියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා ලද අත්හැර දමන ලද මෙම වැව් මෙම වසර තුළ ප්‍රතිසංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම වැව් යටතේ වී වගා කිරීම වෙනුවට එළවළු හා පලතුරු වගා කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත්, මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කිරීමට අවධානය යොමු කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14