පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් දෙන බව විපක්ෂ නායක කියයි

කුරිරු ත්‍රස්තවාදයක් නිසා තමාට පියා අහිමි වුණා සේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් රාජපක්ෂ පාලනය විසින් අනාථ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව පැවසුවත් බලයට පත් වූ දින සිටම කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දේවල් යට ගැසීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඇතැම් පරීක්ෂණ වාර්තා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පවසමින් හෙළි නොකළ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු ම දෙනා නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය වශයෙන් දක්ෂම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගන්නා බවයි වත්තල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියාසිටියේ.

ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය, ඇමරිකාවේ FBI ආයතනය මෙන්ම සම්බන්ධ කර ගත හැකි ජාත්‍යන්තර ආයතන සම්බන්ධ කර ගනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයන් අධිකරණය හමුවට ගෙන එන බවයි ඔහු අවධාරණය කළේ.

ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන පිරිස්වලට අනිවාර්යයෙන් මරණ දඬුවම ලබා දෙන බව ද ඔහු අවධාරණය කළා.

මත්ද්‍රව්‍ය නිසා පාසල් සිසුන් පවා ඊට ගොදුරු වී ඇති බැවින් සිංගප්පූරුවේ පවතින නීති හඳුන්වා දී මත්කුඩු ජාවාරමේ යෙදී සිටින අය විනාශ කරන බව ද සජිත් ප්‍රේමදාස කියා සිටියා.

මීට පෙර සිටි නායකයන් මෙන් ටෙලිෆොන්ටර් ඉදිරිපිට සිට කතා කිරීම, යම් අයකුගේ අධීක්ෂණය යටතේ කතා කිරීම, කතාවෙන් පසු සංස්කරණය කර කතාව නැවත සකස් කිරීම ආදිය තමා ළඟ නොමැති බවත් තමා කියන හැමදේම හදවතින් එන අදහස් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

තමා අදහස් පළ කරනු ලබන්නේ ගමේ භාෂාවෙන් කියන ආකාරයෙන් බොක්කෙන්ම එන අදහස් වන අතර එම සියලු දේ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කරනවා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වත්තල, ජාඇල, කටාන, මීගමුව වැනි බල ප්‍රදේශවල දසදහස් ගණන් අක්කර ප්‍රමාණයක් බලහත්කාරයෙන් අයිති කර ගැනීමට යන්න මොහොතක මේ සඳහා මෙතෙක් විරෝධය පෑවේ කාදිනල්තුමා සහ සමගි ජන බලවේගය බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස එම භූමිය ජනතාව වෙනුවෙන් බේරා ගැනීමට හැකි වූ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?