පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් දෙන බව විපක්ෂ නායක කියයි

කුරිරු ත්‍රස්තවාදයක් නිසා තමාට පියා අහිමි වුණා සේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් රාජපක්ෂ පාලනය විසින් අනාථ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව පැවසුවත් බලයට පත් වූ දින සිටම කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දේවල් යට ගැසීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඇතැම් පරීක්ෂණ වාර්තා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පවසමින් හෙළි නොකළ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු ම දෙනා නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය වශයෙන් දක්ෂම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගන්නා බවයි වත්තල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියාසිටියේ.

ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය, ඇමරිකාවේ FBI ආයතනය මෙන්ම සම්බන්ධ කර ගත හැකි ජාත්‍යන්තර ආයතන සම්බන්ධ කර ගනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයන් අධිකරණය හමුවට ගෙන එන බවයි ඔහු අවධාරණය කළේ.

ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන පිරිස්වලට අනිවාර්යයෙන් මරණ දඬුවම ලබා දෙන බව ද ඔහු අවධාරණය කළා.

මත්ද්‍රව්‍ය නිසා පාසල් සිසුන් පවා ඊට ගොදුරු වී ඇති බැවින් සිංගප්පූරුවේ පවතින නීති හඳුන්වා දී මත්කුඩු ජාවාරමේ යෙදී සිටින අය විනාශ කරන බව ද සජිත් ප්‍රේමදාස කියා සිටියා.

මීට පෙර සිටි නායකයන් මෙන් ටෙලිෆොන්ටර් ඉදිරිපිට සිට කතා කිරීම, යම් අයකුගේ අධීක්ෂණය යටතේ කතා කිරීම, කතාවෙන් පසු සංස්කරණය කර කතාව නැවත සකස් කිරීම ආදිය තමා ළඟ නොමැති බවත් තමා කියන හැමදේම හදවතින් එන අදහස් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

තමා අදහස් පළ කරනු ලබන්නේ ගමේ භාෂාවෙන් කියන ආකාරයෙන් බොක්කෙන්ම එන අදහස් වන අතර එම සියලු දේ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කරනවා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වත්තල, ජාඇල, කටාන, මීගමුව වැනි බල ප්‍රදේශවල දසදහස් ගණන් අක්කර ප්‍රමාණයක් බලහත්කාරයෙන් අයිති කර ගැනීමට යන්න මොහොතක මේ සඳහා මෙතෙක් විරෝධය පෑවේ කාදිනල්තුමා සහ සමගි ජන බලවේගය බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස එම භූමිය ජනතාව වෙනුවෙන් බේරා ගැනීමට හැකි වූ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16