බදු ගෙවීම පැහැර හරින අය ගැන හොයන්න – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති පිරිස් පිළිබඳව සොයා බැලීමට කඩිනම් ක්‍රමවේදයක් සකස් කරන්නැයි
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය ආදායම පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති වර්තමානයේ දී බදු පැනවීම මගින් ආදායම් රැස් කිරීම හා සමානව බදු පැහැර හරින පිරිස් හඳුනා ගැනීමටද අවධානය යොමු කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමග අද (01) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවකදී ඇමතිවරයා පැවසුවේ.