වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඇතුලු 56 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුලු වීමේ චෝදනා මතයි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 30 නමක් ඇතුළු 56කට ආසන්න පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

හෝමාගම, පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස බලකරමින් එම පිරිස අද විරෝධතාවක නිරත වී අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී තිබුණා.

ඊයේ (22) පැවති සත්‍යග්‍රහය විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පියවර ගන්නා ලෙස ද විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පළමු වසරේ සිසුන් සඳහා පමණක් විවෘත කරන බව එහි උපකුලපති මහාචාර්ය පුජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් ප්‍රකාශ කිරීමත් සමඟයි මෙලෙස විරෝධතා ආරම්භ වී ඇත්තේ.

නෙළුවේ සුමනවංශ හිමියන් පැවසුවේ 27 වන දින පළමු වසර සිසුන් සඳහා පමණක් විශ්ව විද්‍යාලය විවෘත කරන බවයි.

සියලුම සිසුන් සඳහා එකවර විශ්වවිද්‍යාලය විවෘත කිරීමට නොහැකි වූ බවත්, පියවරෙන් පියවර විශ්වවිද්‍යාලය විවෘත කිරීමට පරිපාලන මණ්ඩලය උපදෙස් දී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01