වසර තුනක් 10 හැවිරිදි පුත්‍රයා සමඟ නිවසක් තුළට වී දොරඟුලු දමාගෙන සිටි මව (ඡායාරූප)

සිය 10 හැවිරිදි පුත්‍රයා සමඟ වසර තුනක කාලයක් නිවසේ දොරඟුලු දමාගෙන නිවසින් පිටතට නොපැමිණ රැඳී සිටි කාන්තාවක් ඉන් මුදාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ පසුගිය දා කටයුතු කර තිබෙනවා.

ලොව පුරා පැතිර ගිය කොවිඩ් වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට අදාළ කාන්තාව මෙලෙස වසර තුනක කාලයක් සිය පුත්‍රයා සමඟ නිවස තුළටම වී ජීවත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වසංගත තත්ත්වය හේතුවේ 2020 වසරේ දී ඉන්දියාව පළමු අඟුලු දැමීමත් සමඟ අදාළ කාන්තාව මෙලෙස නිවස තුළට වී සිටීමට කටයුතු කර ඇති අතර, ඉන්දීය රජය විසින් එම සීමාවන් ලිහිල් කිරීමට තීරණය කළ පසු ඇයගේ සැමියා රැකියාව සඳහා නිවසින් පිටව ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එලෙස නිවසින් පිටව ගිය සැමියා යළි නිවසට පැමිණි පසු ඔහුව නිවස තුළට නොගැනීමටයි මෙම කාන්තාව කටයුතු කර ඇත්තේ.

ඒ, හේතුවෙන් සැමියා සිය ඥාති නිවෙස්වල කලක් රැඳී සිට ඇති අතර, පසුව ඔහු කුලී නිවසක ජීවත්විමටයි කටයුතු කර ඇත්තේ.

එම කාලය තුළ පෞද්ගලික සමාගමක ඉංජිනේරුවෙකු වන සැමියා නිවස තුළට වී ජීවත්වන සිය බිරිඳ සහ දරුවාගේ අඩුපාඩු සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.

තම බිරිඳ සහ පුතා සමඟ සම්බන්ධව සිටීමට ඇති එකම මාර්ගය වීඩියෝ ඇමතුම් පමණක් බවත්, නිවසේ මාසික කුලිය ගෙවා, විදුලි බිල පියවා සිල්ලර බඩු, එළවලු මිලදී ගෙන ඒවා ප්‍රධාන දොරෙන් පිට තැබීමට තමන් කටයුතු කළ බවයි ඔහු පවසා ඇත්තේ.

කෙසේ වෙතත් 33 හැවිරිදි වියේ පසුවන සිය බිරිඳගේ ක්‍රියාව ඉවසාගත නොහැකි වූ සැමියා පසුගියදා මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇති අතර, පසුව පොලිසිය පැමිණ ඔවුන්ව නිවසින් පිටතට ගැනීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වයස අවුරුදු හතේ දී නිවස තුළට වූ පිරිමි දරුවා වසර තුනකින් පසු නිවසින් එළියට පැමිණෙන විට 10 හැවිරිදි වියට පත්ව ඇති බවත්, ඒ වනවිට ඔහුගේ කොණ්ඩය උරහිස මට්ටම දක්වා වැවී තිබූ බවත් ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණා.

නිවසින් පිටතට පැමිණි පිරිමි දරුවා සහ ඔහුගේ මව වහාම චක්කර්පූර්හි සිවිල් රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම කාන්තාව ජීවත් වූ නිවස අපද්‍රව්‍ය එකතු වී අපිරිසිදු තත්ඇත්වයේ පවතී බවත්, තවත් දින කිහිපයක් ඔවුන් එම නිවස තුළ සිටියානම් ඕනෑම අවාසනාවන්ත දෙයක් සිදු විය හැකි බවයි එරට උසස් පොලිස් නිලධාරින් පවසා ඇත්තේ.

ta8bkqu8 gurugram woman locked
98165523
98140697
Untitled design 4 2
idu25dag gurugram woman locked
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03
Video thumbnail
මේක නිකන්ම නිකන් ශිෂ්‍යත්වයක් නෙවෙයි..අත්දැකීම් ගන්න..ප්‍රශ්නවලට මුහුණ දෙන්න l Harini Amarasuriya
11:53
Video thumbnail
පිටරට විශ්ව විද්‍යාලයට වරම් ලැබූ දක්ෂයින්ගේ දෙමාපියන් හැඩූ කඳුලින් කියූ දේ
02:33
Video thumbnail
අප්‍රේල් මාසයට අවශ්‍ය තරමට තෙල් තියෙනවා..ඉන්ධන මිල අඩු කරන්නද යන්නේ ?
06:37