අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමය ලබන 23 වැනිදා විවාදයට

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය ලබන 23 වැනි බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ එම විවාදය එදින පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිත බවයි.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අංක 2319/80 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මීට අදාළ නියෝග පළ කර තිබෙනවා.

ඒ අනුව විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම හා සෞඛ්‍ය සේවාවන්ට අදාළ කටයුතු අත්‍යාවශ්‍ය සේවා බවට යි පත් කර ඇත්තේ.

අනතුරුව පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබූ පරිදි පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉන්ජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සහ රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතයි.

ඉන්පසු විරුද්ධ පාර්ශ්වය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49