පෙම්වතා සමඟ ආ තරුණියට දෙවොල ඇතුළේ කැත වැඩක් කළ කපුවාට වසර 15ක සිරදඬුවම්

විවාහය සාර්ථක කර දෙන ලෙස ඉල්ලමින් පූජාවක් පැවැත්වීම සඳහා සිය පෙම්වතා සමඟ දේවාලයට ගිය තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පූජකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ විසින් අද (20) බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් නියම කළා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතර මාස 06ක සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් කර සිටියා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය සනූන් බදු‍ර් මොහොමඩ් නැමති පුද්ගලයෙකුට මෙලෙස දඬුවම් නියම කෙරුණා.

2012 ජුනි මස 28 වන දින විවාහය සාර්ථක කරගැනීම සඳහා පූජාවක් පැවැත්වීමට සදහා අතවරයට පත් තරුණිය සිය පෙම්වතා සමඟ දේවාලයට ගොස් තිබෙනවා.

එහිදී පෙම්වතා දේවාලයෙන් බැහැරට යවා ඇති සැකකරු සිය බිරිඳ ද පූජාවට බිත්තරයක් අවශ්‍ය බව පවසා ඇය ද නිවසින් පිටතට යවා දේවාලයේ දොර වසා විත්තිකරු මෙම දූෂණය සිදුකර ඇතැයි නඩු විභාගයේ දී සාක්ෂි අනාවරණය වුණා.

දූෂණය සිදු කළ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් නොවූව ද ඩී.එන්.ඒ සාක්ෂි මඟින් චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇතැයි විනිසුරුවරයා තීන්දු කළා.

ඉන් අනතුරුව විත්තිකරු විසින් ඉදිරිපත් කළ විත්තිවාචක බැහැර කළ විනිසුරුවරයා අනතුරුව එම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

  1. 2012 වෙච්ච එකක්. ඇයි ඒ කාලේ හොයා ගන්න බැරි වෙලාද. මෙච්චර කාලයක් ගිහිම් කොහොමද අහු වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48