ඉන්ධන ප්‍රවාහන බවුසරයක් ප්‍රපාතයකට පෙරළෙයි

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ හක්ගල ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ බවුසර් රථයේ ඩීසල් ලීටර් 13,000ක් පමණ තිබී ඇති අතර කාන්දු වූ ඉන්ධන ප්‍රදේශවාසින් රැස් කර රැගෙන ගොස් ඇතැයි සඳහන්.

එම බවුසර් රථයේ ගමන් රියදුරා සහ රිය සහායකයා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරෙන් බවුසර් රථය දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පොලිසිය පැවසුවේ.

බවුසරය ප්‍රපාතයට පෙරළීමත් සමග රියදුරා සහ රිය සහායකයා ඉන් ඉවතට පැන දිවි බේරාගෙන තිබෙනවා.

නුවරඑළිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කිරිමෙන් අනතුරුව කැප්පෙටිපොල සහ වැලිමඩ යන ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී හග්ගල උද්භිත උද්‍යානයට ආසන්නයේ පිහිටි මහ වංගුව ප්‍රදේශයේදි ප්‍රපාතයේ පිහිටි එලවළු වගා භුමියකට පෙරලී තිබෙනවා.

මෙම මහ වංගුව ප්‍රදේශයේ දී මීට පෙර අවස්ථා කිහිපයක දී රිය අනතුරු ගණනාවක් සිදු වී ඇති බව හග්ගල ප්‍රදේශවාසින් පෙන්වා දෙනවා.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ කොළොන්නාවේ සිට කැප්පෙටිපොල ප්‍රදේශයට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක්. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48