බලාගාරයක විදුලි උත්පාදනය තාවකාලිකව නවතී

ගිනිගත්හේන පොල්පිටිය සමනළ ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර තිබෙනවා.

එම ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවරයෙකු සඳහන් කළේ විදුලි උත්පාදක යන්ත්‍රවල සිදු කරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ (18) දින සිට බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති බවයි.

සමනළ ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 75ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන අතර, ලක්ෂපාන ජල විදුලි බලාගාරයෙන් ජල විදුලි උත්පාදනය සදහා ලබා ගන්නා ජලය ලක්ෂපාන පොකුණු ජලාශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ සමනළ ජල විදුලි බලාගාරය වෙත රැගෙන යනු ලබනවා.

සමනළ ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති නිසා ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයෙන් පසු එම ජලය කැළණි ගඟට මුදා හැරීමට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම - BREAKING NEWS
01:24
Video thumbnail
බුද්ධි තොරතුරු තියෙද්දිත් ක්‍රියාමාර්ග අරගෙන නෑ මේ විත්තිකරු - මරණ දඩුවම ලබාදෙමින් විනිසුරු කියූ දේ
02:21
Video thumbnail
පූජිත්ට ම#ණ දඬුවම දෙමින් සභාපති විනිසුරු කිව්ව දේ මෙන්න - විත්තිකරු තමන්ගේම වගකීම පැහැරහැරලා
02:47
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම
00:57
Video thumbnail
බිහිසුණු බයික් අනතුරේ බිහිසුණු අත්දැකීම සහයක රියදුරු කියයි.."ටයර් පුපුරනවා වගේ සද්දයක් ඇහුණේ"
02:40
Video thumbnail
රටම සලිත කළ යතුරුපැදි අනතුර ගැන රියදුරු සිදුවූ සියල්ල හෙළිකරයි - "සතියට දෙපාරක්වත් රේස් යනවා.."
05:09
Video thumbnail
මහ රෑ සිදුවූ බිහිසුණු අනතුර ගැන හිමිකරු පළමු වතාවට හෙළිකළ දේ - "මේ ළමයි එදා රෑ බයික් රේස් පැද්දා"
10:11
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම නියම වෙයි - BREAKING NEWS
02:08
Video thumbnail
මර්වින් ලක්ෂ ගණන් දුන්නා කියන නිළිය ගැන හඬ පටයක් එළියට - "මර්වින් සිල්වා ඕකපාතිකව ඉපදුණේ නෑ"
04:39
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48