ඉන්දීය වීසා මධ්‍යස්ථානය හෙට (20) සිට යළිත් සාමාන්‍ය පරිදි

ආරක්ෂක හේතූන් මත වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය හෙට (20) යළි විවෘත කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ඒ අනුව හෙට සිට සාමාන්‍ය පරිදි වීසා ලබාදීම ඇතුලු අනෙකුත් සේවාවන් ලබාගත හැකි බවයි මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

පසුගිය 15 වනදායි ආරක්ෂක හේතුන් මත බව සඳහන් කරමින් වීසා මධ්‍යස්ථානය වසා දැමුණේ.