තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ ලබන 22, 23, 24 සහ 28 දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කිරීමට නියමිතව තිබු බවයි.
එහෙත් එම දිනවලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් නියමිත දිනවලදී තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත ලබා නොදීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
නැවත තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවන දිනය පසුව දැනුම්දෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




