නිදහස් ජනතා සන්ධානයෙන් අගමැතිට ලිපියක්

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට මැදිහත් වන ලෙස නිදහස් ජනතා සන්ධානය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කරනවා.

මුදල් නොමැතිකම හේතුවෙන් රජයේ මුද්‍රණාලය තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් නිදහස් ජනතා සන්ධානය පෙන්වා දෙන්නේ.

ඔවුන් ප්‍රකාශ කළේ මෙය පුරවැසියන්ගේ මෙන්ම පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ද මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවයි.

එබැවින් තැපැල් ඡන්දය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුව කැඳවීමට මැදිහත් වන ලෙස එම පක්ෂය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

පාර්ලිමේන්තුව පෙබරවාරි 21 වනදා රැස්වීමට නියමිත බව පෙන්වා දෙන එම පක්ෂය කියාසිටියේ මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත දිනය අද වන බැවින් මතුව ඇති ගැටලු විසඳීම සඳහා ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුව රැස්විය යුතු බවයි.

Special Letter2
Special Letter4