ආදරවන්තයින්ගේ දිනයේ සරසවි සාදය ගැටුමකින් අවසන් වෙයි

අද (15) අලුයම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට මැදිහත් වූ බව පොලිසිය පවසනවා.

කලා අංශයේ සිසුන් සහ කළමනාකරණ අංශයේ සිසුන් පිරිසක් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පැවැත්වූ සාදයක ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ගැටුමක් නිර්මාණය වී තිබු බවයි පොලිසිය කියාසිටියේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එය සමථයකට පත් කර සිසුන් නේවාසිකාගාරවලට යොමුකර තිබෙනවා.

පසුව මෙම සිසුන් අලුයම 2ට පමණ නැවත නේවාසිකාගාර තුලින් පිටතට පැමිණ ශ්‍රාස්ත්‍ර පීඨය ඉදිරිපිටදී ගල්, වීදුරු බෝතල් සහ යකඩ පොලු හා මුගුරු රැගෙන නැවතත් ගැටුමක් ඇතිකර ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

එම ගැටුමෙන් පහරකෑමට ලක්වූ එක් සිසුවෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර තවත් සිසුන් කිහිප දෙනෙකු ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මෙම ගැටුම හේතුවෙන් ශාස්ත්‍ර පීඨයේ ගේට්ටුව සහ ගොඩනැගිල්ලේ ජනෙල් වීදුරු කිහිපයකට අලාභ හානි සිදුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40
Video thumbnail
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:00
Video thumbnail
අපේ සල්ලිවලට මොකද්ද වෙන්නේ...?
01:44
Video thumbnail
වැඩිකල් දුක්වෙන්න ඕනේ නෑ
01:12
Video thumbnail
නීතිඥ සංගමය ජනතාවගේ විරුද්ධ වෙනවා?
07:31
Video thumbnail
ජනමත විචාරණයක් තියන්න බෑ..? හැමෝම මේකට විරුද්ධ නෑ
09:42