ලිබියා මුහුදේ බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 70කට වැඩි පිරිසක් අතුරුදන්

ලිබියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් සංක්‍රමණිකයන් 73 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්වී තිබෙනවා.

මෙම අනතුරින් දිවි ගලවාගෙන ඇත්තේ පුද්ගලයින් හත් දෙනෙකු පමණක් වන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට ලිබියානු ආරක්ෂක අංශ විසින් මේ වන විට අතුරුදන්වූවන්ගේ මළ සිරුරු 11ක් සොයා ගෙන තිබෙනවා.

මෙම සංක්‍රමණික බෝට්ටුව යුරෝපය දක්වා ගමන් කරමින් තිබී ඇත්තේ “ලෝකයේ මාරාන්තික සංක්‍රමණික මුහුදු තරණය” ලෙස නම් කර ඇති මාර්ගයක යි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මධ්‍යධරණී මුහුද හරහා අනතුරුදායක ගමන්වල නිරතවීමෙන් මෙම වසරේ මේ වන විටත් පුද්ගලයින් 130 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

පසුගිය වසරේ සිදු වූ අනතුරුවලින් පුද්ගල මරණ 1,450කට වඩා වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40
Video thumbnail
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:00
Video thumbnail
අපේ සල්ලිවලට මොකද්ද වෙන්නේ...?
01:44
Video thumbnail
වැඩිකල් දුක්වෙන්න ඕනේ නෑ
01:12
Video thumbnail
නීතිඥ සංගමය ජනතාවගේ විරුද්ධ වෙනවා?
07:31
Video thumbnail
ජනමත විචාරණයක් තියන්න බෑ..? හැමෝම මේකට විරුද්ධ නෑ
09:42