ලිබියා මුහුදේ බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 70කට වැඩි පිරිසක් අතුරුදන්

ලිබියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් සංක්‍රමණිකයන් 73 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්වී තිබෙනවා.

මෙම අනතුරින් දිවි ගලවාගෙන ඇත්තේ පුද්ගලයින් හත් දෙනෙකු පමණක් වන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට ලිබියානු ආරක්ෂක අංශ විසින් මේ වන විට අතුරුදන්වූවන්ගේ මළ සිරුරු 11ක් සොයා ගෙන තිබෙනවා.

මෙම සංක්‍රමණික බෝට්ටුව යුරෝපය දක්වා ගමන් කරමින් තිබී ඇත්තේ “ලෝකයේ මාරාන්තික සංක්‍රමණික මුහුදු තරණය” ලෙස නම් කර ඇති මාර්ගයක යි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මධ්‍යධරණී මුහුද හරහා අනතුරුදායක ගමන්වල නිරතවීමෙන් මෙම වසරේ මේ වන විටත් පුද්ගලයින් 130 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

පසුගිය වසරේ සිදු වූ අනතුරුවලින් පුද්ගල මරණ 1,450කට වඩා වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?