දෙමටගොඩ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයට අද (15) අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසන්නේ පුද්ගලයින් කිහිපදෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබූ ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානිකර ඇති බවයි.
සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාල විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවමින් අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ඇති බවයි හිටපු මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














