බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් මත්පෙති සමඟ ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී මත්පෙති 145ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාර වෛද්‍යවරයා බදුල්ල, මයිලගස්තැන්න පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ දී කාලයක සිට පාසල් දරුවන්ට සහ තරුණ, තරුණියන්ට මත්පෙති අලෙවි කරන බවට ලද තොරතුරුක් මත සිදුකළ වටලිමකදීයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පස්සර, පල්ගස්තැන්න විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් උපාය දූතයෙකු යොදවා සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වුණේ.
සැකකාර වෛද්‍යවරයාගේ මෝටර් රථය හා මත්පෙති බදුල්ල පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
ඔහු අද (15) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














