අනාරක්ෂිත ළිඳකට වැටී 12 හැවිරිදි දරුවා නොඑන ගමන් ගිහින්

සෙට්ටිකුලම්, නෙරියකුලම් ප්‍රදේශයේදී නිවසක් අසල පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (14) උදෑසන කාලයේ දී එම අනතුර සිදුව ඇති බවයි

දරුවා නිවසේ නොමැති බව දැනගත් පියා විසින් දරුවා පිළිබඳව සොයා බැලීමේ දී නිවස අසල පිහිටි අනාරක්ෂිත ළිඳ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි කිරීමේ දී ළිඳ තුළට වැටී සිටි දරුවා හමුව තිබෙනවා.

අනතුරුව දරුවා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වෛද්‍යවරුන් විසින් දන්වා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්