ජාතික ජල ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා සාකච්ඡාවක් ඊයේ (13) වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දී පැවැත් වුණා.
මෙහිදී වාරිමාර්ග හා ජල සම්පාදන අමාත්‍යාංශ ආශ්‍රිතව පැනනැගී ඇති ගැටළු විසඳා ගැනීමට කටයුතු කරමින් ජාතික ජල ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට අදාළ පාර්ශ්ව වෙත වගකීම් ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කරනු ලැබුවා.
එමෙන්ම බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය සහ යටිමහන ජලාශ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
මෙම අවස්ථාව සදහා ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













