විදෙස් රැකියා ජාවාරමක් – හසුනොවන ලෙස විදේශ රැකියා අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය හරහා නෙදර්ලන්තයේ රැකියා දෙන බව පවසමින් එම අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ව්‍යාජ අත්සන සහ අමාත්‍යංශ ලිපි ශීර්ෂයක් භාවිත කරමින් මුදල් රැස්කරන ජාවාරමක් ක්‍රියාත්මක බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම ජාවාරම්කරුවන් සොයා විදේශ සේවා නියුක්ති කාර්යංශය විමර්ශන ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

එලෙස කටයුතු කරන ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙනවා.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ අමාත්‍යාංශය මඟින් විදේශ රැකියා සඳහා කිසිඳු පුද්ගලයෙක් යොමු නොකරන බවයි.

නීත්‍යානුකූල ලියාපදාංචි විදේශ රැකියා නියෝජිත ආයතන පමණක් පුද්ගලයන් රැකියා සඳහා පිටත්කර යවන බව සඳහන් කරන අමාත්‍යාංශය ලේකම්වරවයා රැකියා සඳහා කිසිඳු ලිපියකට අස්සන් කර නොමැති බවත් දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?