ආගමන විගමන දෙපර්තමේන්තුවේ තාක්ෂණික බිඳ වැටීමක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ, අනුව දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීම මෙලෙස තාවකාලිකව නවතා ඇති බවයි වාර්තා වන්නේ.
ඇති වී තිබෙන තාක්ෂණික දෝෂය නිවැරදි කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර එක්දින සේවය හරහා විදෙස් ගමන් බලපත්ර ඉල්ලුම් කර ඇති පුද්ගලයින් සඳහා එම බලපත්ර ස්පීඩ් පෝස්ට් හරහා ලබාදීම සඳහා කටයුතු යොදා ඇති බව ආගමන විගමන දෙපර්තමන්තුව සඳහන් කර සිටියා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




