කෝටි 15ක ‘ට්‍රයිටන්’ වාලම්පූරියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් කෝටි 15ක් පමණ වටිනාකමකින් යුත් “ට්‍රයිටන්” වර්ගයේ වාලම්පූරියක් රුපියල් කෝටි 06ක මුදලකට අලෙවි කිරීමට යාමේ දී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා සහ වාලම්පූරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (11) අලුයම හැටන් නගරයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

යුධ හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් උපාය දූතයෙකු යොදා ගනිමින් වාලම්පූරිය මිල දී ගන්නා මුවාවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා හැටන් සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සඳහන් කළේ වාලම්පූරිය ප්‍රධාන සැකකරුගේ නිවසේ සඟවා තිබූ බවයි.

ඉතා ගැඹුරු මුහුදේ ජීවත් වන මෙම සත්ත්ව විශේෂය “ට්‍රයිටන්” යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර, මෙය සන්තකයේ තබාගන්නා පුද්ගලයාට වාසනාව හිමිවන බව ඇතැම් පුද්ගලයින් තුළ විශ්වාසයක් පවතිනවා.

මෙය සහල් තුළ සැඟවීමෙන් පසු පහසුවෙන් කැරකෙමින් ඉහළට පැමිණීමත්, මල් පොහොට්ටුවක් සමීපයට තැබූ විට එය පිපින බව අනුව එහි ගුණාත්මක බව තීරණය කරන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය ගැන නාමල්ට කතා කරන්නවත් අයිතියක් නෑ - විහිළුවක්
04:28
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හෙළිදරව්වක්
03:26
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට නඩු ඉක්මන් වෙන්නේ නෑ - ඔයාලා පොරොන්දු වුණේ පැච් දාන්න නෙවෙයි
14:15
Video thumbnail
අනීතිකව සුඛෝපභෝගීව ජීවත් වෙන්න ගිහින් විනාශ වෙන්න එපා - වසර 5 - 20 දක්වා සිර දඬුවම් දෙන්න වෙනවා
04:23