තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පිරිස තවත් ඉහළට – පාසල් වොලිබෝල් කණ්ඩායමක පිරිසකුත් අනතුරේ

පසුගිය සඳුදා තුර්කියේ සහ සිරියාවේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක භූමිකම්පාවෙන් පුද්ගලයින් 23,700 කට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයිට් හෙල්මට් නැමැති ස්වේච්ඡා සංවිධානයට අනුව සිරියාවේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශවල සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තුර්කිය තුළ සිටින සහන සේවා කණ්ඩායම් තවමත් සුන්බුන් අතර සිරවී සිටින අයගේ දිවි ගලවා ගැනීමේ උත්සාහයේ නිරතව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර වයඹ දිග සිරියාවේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශවලට සැපයුම් බෙදා හැරීම සංකීර්ණ වී ඇති අතර, සිරියානු රජය සිකුරාදා (ඊයේ ) එම ප්‍රදේශවලට ආධාර යැවීම අනුමත කළ නමුත් නිශ්චිත කාලයක් තවමත් සඳහන් කර නැහැ.

භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක්ට සිය නිවාස අහිමව ගොස් ඇති අතර, පවතින අධික සීතල වඩාත් නරක අතට හැරෙන හා බිහිසුණු තත්වයන්ට තුඩු දෙන බැවින් “ද්විතියික ව්‍යසනයකට” මුහුණ දිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

මේ අතර සඳුදා ඇති වූ මෙම භූමිකම්පාවෙන් පසු තුර්කියේ පාසල් වොලිබෝල් ක්‍රීඩිකාවන් පිරිසක් ද කඩා වැටුණු හෝටලයක සිරව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ගලවාගැනීමේ කණ්ඩායමේ සිදුකළ සෝදිසි කිරීමේදී එම කණ්ඩායමේ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

ගුරුවරුන් දෙදෙනෙකුගේ සහ සිසුවියකගේ මළ සිරුරු අඩියමාන් හි ඉසියාස් හෝටලයෙන් මෙලෙස සොයා ගත් බවයි තුර්කි බලධාරීහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57