පැය 90ක් සුන්බුන් යට සිටි මව සහ බිළිදෙකු බේරා ගැනේ

සිරියාවට තුර්කියට බලපෑ භූ කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් යට පැය 90කට අධික කාලයක් සිර වී සිටි අලුත උපන් බිළිදෙකු සහ මවක් බේරා ගැනීමට සහන සේවකයින්ට හැකි වී තිබෙනවා.

යගේෂ් නම් වූ මෙම බිළිඳාගේ වයස දින 10ක්. දරුවා බේරා ගන්නා අවස්ථාවේ ඡායාරූප සහ දර්ශන විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ එය ආශ්චර්යක් ලෙස විස්තර කරමින්.

ඒ, භූ කම්පනය සිදු වී දින 4කට පසු අධික ශ්‍රීත කාලගුණය මධ්‍යයේ තවදුරටත් සුන්බුන් යට ජීවතුන් අතර පිරිස් සිටිය හැකි බවට තැබූ බලාපොරොත්තු හීන වී තිබීම හේතුවෙන්.

භූ කම්පනයෙන් විපතට පත් වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

පැය 90කට පසු බේරාගත් මෙම බිළිදාගේ සහ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෙතෙක් නිල වාර්තා කිසිවක් ලැබී නැහැ.

මෙම සිද්ධිය වාර්තා වූයේ, සහන සේවකයෙකු විසින් මවගේ මව් කුසට සම්බන්ධ වූ පෙකණිවැලද සමඟ බේරාගත් ‘ආයා’ හෙවත් අරාබි භාෂාවෙන් “ආශ්චර්යය” ලෙස හඳුන්වන බිළිඳිය හදාවඩා ගැනීම සඳහා ලොව පුරා ලක්ෂ ගණනක් ඉදිරිපත් වෙමින් ඇති පසුබිමකයි.

පසුගිය සඳුදා ඇතිවූ දරුණු භූ කම්පනයෙන් මේවනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී ඇති පිරිස 21,000කට අධිකයි.

දශක ගණනාවකට පසු ඇති වූ මාරාන්තික භූමිකම්පාව හේතුවෙන් ශීත ඍතුවේ මැද භාගයේ නිවාස අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත ජනයා සීතල, කුසගින්න සහ බලාපොරොත්තු සුන්වීම හමුවේ දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා.

අද Hatay හි දී, Asya Donmez නම් හත් හැවිරිදි දැරිය පැය 95 කට පසු බේරාගෙන රෝහල් ගත කර ඇති බව තුර්කියේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.

ව්‍යසනයෙන් දින හතරක් මේ වන විට ගතවී ඇති අතර සීතල කාලගුණය මධ්‍යයේ තවත් දිවි ගලවා ගත් පිරිස් සොයා ගැනීමේ බලාපොරොත්තු හීන වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, භූමිකම්පාවෙන් පීඩාවට පත් වූ තුර්කිය සහ අසල්වැසි සිරියාව යන දෙරටෙහිම සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ බොහෝ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර නවාතැන්, ජලය, ඉන්ධන සහ විදුලිය නොමැති වීම හමුවේ ද්විතියික ව්‍යසනයක් පිළිබඳ සැකයක් ද පවතින බවයි.

තුර්කි ජනාධිපති Recap Tayyip Erdogan මෙම කම්පනය සියවසේ ව්‍යසනය ලෙස විස්තර කර තිබෙනවා.

මෙම සියවසේ හත්වන මාරාන්තික ස්වාභාවික ව්‍යසනය ලෙසට යි මෙම භූ කම්පනය ශ්‍රේණිගත කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57