ඔනේෂ් සුභසිංහගේ අභිරහස් ඝාතනය ගැන විශේෂ විමර්ශනයක්

මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඔපෙක්ස් සමූහ ව්‍යාපාරයේ’ අධිපති ඔනේෂ් සුභසිංහ ඉන්දුනීසියාවේ දී අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඔනේෂ් සුභසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පොලිසිය ද මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම විමර්ශනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඔනේෂ් සුභසිංහගේ ඝාතනයට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගෙන ඇති බව සඳහන්.

පොලිසිය සැකපළ කරන්නේ ඔහු විවාහා වී සිටි බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරියක වූ තවත් බ්‍රසීල ජාතික කාන්තාවක් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි.

ඝාතනයෙන් පසු බ්‍රසීල ජාතික සැකකාර බිරිඳ සහ ඇගේ මිතුරිය සිව්හැවිරිදි දියණිය ද රැගෙන බ්‍රසීලයට පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔනේෂ් සුභසිංහ සිය බිරිඳ, ඇගේ යෙහෙළිය සහ සිව්හැවිරිදි දියණිය සමඟ ඉන්දුනීසියාවේ චාරිකාවක නිරතව සිටිය දී සුපිරි මහල් නිවාසයක දී අභිරහස් ලෙස ඝාතනය ලක්ව තිබුණා.

මියයන විට ඔනේෂ් සුභසිංහ 41 වැනි වියේ පසු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01