කාන්තාවන්ගේ හැඟීම් අවුලුවා අයුතු ලෙස මුදල් සෙවූ අයෙක් පොලිස් දැලේ

කාන්තාවකට ලිංගික හැඟීම් අවුලවන වීඩියෝ දර්ශන සහ කෙටි පණිවුඩ යවමින් බලපෑම් සිදුකර මුදල් ලබාගත් පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 44 හැවිරිදි වියේ පසුවන හල්ඔලුව, පල්ලේගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මොහු විසින් තවත් කාන්තාවන් මේ ආකාරයෙන් රැවටීමට ලක්කර අයුතු ලෙස මුදල් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13