කොස්තාපල් පැදවූ මොටෝරිය බෑවුමකට පෙරළී බිරිඳ ජීවිතක්ෂයට

මාතලේ – රිවස්ටන් මාර්ගයේ 29 කණුව ආසන්නයේ මෝටර් රථයක් මාර්ගයේ ඉවතට පැන පහළ බෑවුමකට පෙරළීයාමෙන් ඊයේ (09) සවස අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන්කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින බවයි දැනගන්නට ලැබුණේ.

මාතලේ සිට ලග්ගල දෙසට ධාවය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක් පමණ පහළ බෑවුමකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මාතලේ මුලස්ථානය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු පැදවූ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරෙන් මියගොස් ඇත්තේ අදාළ පොලිස් නිලධාරියාගේ බිරිඳ බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 34ක මාතලේ, උකුවෙල පදිංචිකාරිනියක්.

අනතුර සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55