AFC Banner
Empty Ad
Empty Ad

කොස්තාපල් පැදවූ මොටෝරිය බෑවුමකට පෙරළී බිරිඳ ජීවිතක්ෂයට

මාතලේ – රිවස්ටන් මාර්ගයේ 29 කණුව ආසන්නයේ මෝටර් රථයක් මාර්ගයේ ඉවතට පැන පහළ බෑවුමකට පෙරළීයාමෙන් ඊයේ (09) සවස අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන්කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින බවයි දැනගන්නට ලැබුණේ.

මාතලේ සිට ලග්ගල දෙසට ධාවය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක් පමණ පහළ බෑවුමකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මාතලේ මුලස්ථානය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු පැදවූ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරෙන් මියගොස් ඇත්තේ අදාළ පොලිස් නිලධාරියාගේ බිරිඳ බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 34ක මාතලේ, උකුවෙල පදිංචිකාරිනියක්.

අනතුර සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?