පාස්පෝට් කාර්යාලයට පොලිසිය කැඳවයි

ආගමන විගමනය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අයදුම්පත් භාරගන්නා ස්ථානයට ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක්ගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට මේ දිනවල දෛනිකව 5000ක පමණ පිරිසක් පැමිණීම හේතුවෙනුයි මෙම ආරක්‍ෂිත පියවර ගෙන ඇත්තේ.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් ඊයේ (8) නොසන්සුකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව මෙලෙස පොලිස් ආරක්‍ෂාව දී ඇති බවට වාර්තා වනවා.

ජනතාව පෝලිම්වලින් සේවා කවුළුවට යොමුකිරීම සහ නියෝජ්‍ය පාලකවරු වෙත යොමු කිරීම ආදි සියලුම පාලනය පොලිසියට පවරා ඇතැයි සඳහන්.

ආගමන හා විගමන ප්‍රධාන කාර්යාලය තුළ සහ ඒ අවට විශාල පිරිසක් සිටින අතර විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට පැමිණි පුද්ගලයෙක් පැවසුවේ පොලිසියට පරිපාලන කාර්යයන් භාරදීමෙන් ජනතාව තව දුරටත් පහසුතාවට පත්කර ඇති බවයි.

මෙම වර්ෂයේ (2023) පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා ආරම්භ වීම හේතුවෙන් ඒ සඳහා විදේශ ගමන් බලපත්‍රය ගැනීම මෙම තදබදයට හේතු වී ඇතැයි සඳහන්.

එමෙන්ම හදිසි අවශ්‍යතා සඳහා පමණක් එක්දින සේවයෙන් විදේශ ගමන්බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13