සුන්බුන් අතරින් හමු වූ බිළිඳුන්ට කිරි මව්වරුන් සොයයි

සිරියාවේ සහ තුර්කියේ දහස් ගණනකට ජීවිත අහිමි වූ භූමිකම්පාවෙන් පසු සුන්බුන් අතර සිරව සිටියදී බේරා ගනු ලැබූ බිළිඳුන් පිරිසක් නිරුපද්‍රිතව එරට අගනුවර කරා යැවීමට සහන සේවකයින් පියවර ගෙන තිබෙනවා.

කහරමන්මාරස් සිට අන්කාරා දක්වා ළදරුවන් 16 දෙනෙකු රැගෙන යාමට තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan ගේ ගුවන් යානය භාවිතා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛද්‍ය කණ්ඩායම් රැගෙන යාම සහ රටේ ප්‍රදේශවලට ආධාර ඇතුළු භූමිකම්පා ආශ්‍රිත සහන සේවා ක්‍රියාකාරකම් සඳහා භාවිතා කිරීම සඳහා තුර්කි ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය සූදානම් කර තිබෙනවා.

පසුගිය සඳුදා ඇති වූ රික්ටර් මාපකයේ 7.8 සහ 7.5ක ප්‍රබල කම්පනවලින් පසුව බරපතල තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා තුර්කි අගනුවර වූ අන්කාරා වෙත ප්‍රවාහනය කිරීමට ද එය භාවිතා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ගුවන් යානයේ සිටි ළදරුවන් 16 දෙනාම භූමිකම්පාවෙන් හානියට පත්වූ ප්‍රදේශවල කඩා වැටුණු සුන්බුන් අතර තනිව සිටියදී සොයාගෙන තිබෙනවා.

සහන සේවකයින් සඳහන් කළේ එම ළඳරුවන් ගේ මව්පියන් භූමිකම්පාවෙන් මිය යන්නට ඇති බවයි.

අන්කාරා හි පිහිටි Esenboğa ගුවන් තොටුපළට රැගෙන එන ලද මෙම බිලිඳුන් රෝහල් කරා යොමු කිරීමට පියවර ගනු ලැබූ අතර තුර්කි පවුල් හා සමාජ සේවා අමාත්‍යාංශයේ මැදිහත්ව ඔවුන්ට කිරි මවුවරුන් සොයා දීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ අතර තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් 30 දෙනෙකුගෙන් සමන්විත පාසැල් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන් ගේ පුහුණුකරුවන් පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

සයිප්‍රසයේ සිට තුර්කි පාලනය යටතේ ඇති අඩියාමන් ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සම්බන්ධයෙන් භූමිකම්පාවෙන් පසු කිසිදු තොරතුරක් වාර්තා නොවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

භූමිකම්පාවෙන් පසු අඩියාමන් ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණ ඇතුළු ගොඩනැගිලි රැසක් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.

තුර්කිය විසින් සිය පාලනයට නතුකර ගෙන ඇති සයිප්‍රසයේ Famagusta ප්‍රදේශයේ බාලක බාලිකා පාසැල් දෙකක දරු දැරියන් මෙම ඛෙදවාචකයට මුහුණ පා ඇති බව සඳහන්.

අතුරුදන්ව ඇති දරු දැරියන් සොයා ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු සහන සේවකයින් කණ්ඩායමක් දකුණු දිග තුර්කිය බලා පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 15,000 ඉක්මවා ගොස් තිබෙනවා.

තුර්කියේ තහවුරු වූ මරණ සංඛ්‍යාව අද උදෑසන වන විට 12,391 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කළේ.

රජය සහ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ගලවා ගැනීමේ සේවාවට අනුව, මරණ සංඛ්‍යාව අවම වශයෙන් 2,950 දක්වා ඉක්මවා ගොස් තිබෙනවා.

භූමිකම්පාව ඇති වූ විට බොහෝ නගරවල කඩා වැටුණු ගොඩනැගිලි සිය ගණනක් නිදා සිටි මිනිසුන්ගේ නිවාස සොහොන් බවට පත්වීම හමුවේ දෙරටේම මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

තුර්කියේ Antakya නගරයේ, සිරුරු දුසිම් ගනනක්, සමහරක් බ්ලැන්කට් සහ ඇඳ ඇතිරිලි වලින් ආවරණය කර ඇති අතර තවත් සමහරක් ශරීර බෑග් වලින් ආවරණය කර රෝහල් අසල බිම පෙළට තබා තිබෙනවා.

1999 වසරෙන් පසුව තුර්කියේ ඇති වූ ප්‍රබලතම භූ කම්පනවලින් පසුව ගොඩනැගිලිවලට ආපසු යාමට බියෙන් ආපදා කලාපයේ බොහෝ දෙනෙක් තම මෝටර් රථවල හෝ බ්ලැන්කට් යට ශීත කාලගුණය මධ්‍යයේ රැය පහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

බටහිරින් අදානා සිට නැගෙනහිරින් දියර්බකීර් දක්වා දළ වශයෙන් කිලෝමීටර් 450ක් (සැතපුම් 280ක්) විහිදෙන ප්‍රදේශයක මිලියන 13.5ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බව තුර්කි නිලධාරීන් පවසනවා. සිරියාවේ, ද භූ කම්පන කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 250ක් දුරට පිහිටි හමා දක්වා බලපෑම් එල්ලවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56