රටේ නම රැකගත් විශ්‍රාමික හමුදා නිලධාරියාගේ අවංක මනුෂ්‍යත්වය

ගාලු කොටුවේ තිබී විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට හමුවූ විදේශික කාන්තාවකට අයත් මුදල් සහිත බෑගයක් යළිත් එහි හිමිකාරිය සොයා භාරදුන් පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (08) පෙරවරුවේ ශාරීරික ව්‍යායාම සඳහා ගාලු කොටුව පෙදෙසේ ඇවිදිමින් සිටි කොග්ගල ප්‍රදේශයේ සමන් සිසිර පී. වෙල්ගම නමැති විශ්‍රාමික හමුදා නිලධාරියෙකුටයි මෙම අත් බෑගය හමුවී ඇත්තේ.

එහි මෙරට හා විදෙස් මුදල් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ද, ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක්, ගමන් බලපත්‍රයක් ඇතුළුව ලියකියවිලි රාශියක් අඩංගු වී තිබෙනවා.

ගමන් බලපත්‍රය අනුව බෑගයේ අයිතිකාරිය ලිතුවේනියානු ජාතික කාන්තාවකගේ බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මෙම නිලධාරියා ගාලු කොටුව අසල ත්‍රී රෝද රථ රියදුරන් දැනුවත් කර, ගාලු කොටුව සංචාරක පොලිසියට සිද්ධිය පිළිබඳ දැනුම් දී පැය කිහිපයක් ඇතුළත එහි හිමිකාරිය සොයා ගැනීමට සමත් වුණා.

කොටුව සංචාරක පොලිසියේ නිලධාරීන් ඉදිරියේ දී යි එම මුදල් සහිත බෑගය ලබාදී ඇත්තේ.

මෙහිදී අදහස් දැක්වූ විදෙස් කාන්තාව කියාසිටියේ තමා මීට දින 5කට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි බවත්, අද(8) පෙරවරුවේ ගාලුකොටුවේ ඇවිදමින් සිටියදී තම මුදල් සහ අත්‍යවශ්‍ය ලියකියවිලි තිබූ බෑගය අස්ථානගත වීමෙන් දැඩි කනස්සල්ලටත් අසරණභාවයටත් පත්ව සිටි බවයි.

බෑගය හිමිවීමත් සමග සංවේදි වු ඇය ශ්‍රී ලාංකීය ජනතාවගේ මනුෂ්‍යත්වය තමන් පුදුම කිරීමට සමත් වූ බව කියාසිටි අතර
විදෙස් මුදල් නෝට්ටු කිහිපයක් බෑගය සොයා දුන් නිලධාරී මහතා අතට ලබා දී තිබෙනවා.

එහෙත් ඔහු එය බාරගැනීම නිහතමානීව ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ.

නැවතත් ශ්‍රි ලංකාවට පැමිණෙන බව පැවසූ ඇය බෑගය සොයා දුන් සිසිර මහතාට සහ ඒ සඳහා වෙහෙස වූ සියලු දෙනාටම ස්තූතිය පිරිනැමුවා.

https://www.youtube.com/watch?v=EyQdHXjQkZo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13