සිරියාවේ සහ තුර්කියේ භූ කම්පනයෙන් පීඩාවට පත්වූවන්ට ශ්‍රී ලංකා රජයේ ශෝකය

සිරියාවේ සහ තුර්කියේ භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි සහ දේපළ හානි සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරන බව විදේශ අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය කියාසිටියේ ශ්‍රී ලාංකිකයන්ගේ සිතුවිලි සහ යාඥාවන් විපතට පත් වූවන් සමඟ වන අතර ආපදාවට පත් වූ ජනතාවගේ ශෝකය බෙදා ගනිමින් මෙම දුෂ්කර අවස්ථාවේ සහයෝගීතාවයෙන් සිටින අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

සිරියාවේ හෝ තුර්කියේ විපතට පත් ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැති අතර බේරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තත්ත්වය නිරීක්ෂණය කරන බව තානාපති කපිල ජයවීර තහවුරු කර තිබෙනවා.

ඛේදවාචකයෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජය, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත තුර්කියේ රජයට හදිසි ගලවා ගැනීමේ ආධාර ලබා දීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව, තුර්කියේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් වෛද්‍ය සහ ඉංජිනේරු බලකායේ හමුදා සාමාජිකයින් පිරිසක් සූදානම් කර ඇති අතර එවැනි හදිසි ආධාර සඳහා තුර්කි රජයේ ඉල්ලීම පිටත් කර හැරීමට නියමිතයි.

අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය තහවුරු කළේ තුර්කියේ විපතට පත් ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු ජීවත් වන අතර ඉන් පුද්ගලයින් 15 දෙනෙකු ආරක්ෂිත බව තහවුරු කර ඇති බවයි.

අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතිරි ශ්‍රී ලාංකිකයාගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමේ ක්‍රියාවලියක නිරතව සිටිනවා.

ශ්‍රී ලංකා තුර්කි තානාපති කාර්යාලයේ හදිසි ඇමතුම් අංකය +90 534 456 94 98 මගින් තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ විමසීම් දිසිදු කළ හැකියි.

2004 වසරේ දෙසැම්බර් මාසයේ ඇති වූ විනාශකාරී සුනාමියෙන් පසු තුර්කියේ රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් මානුෂීය ආධාර කෘතවේදීව සිහිපත් කරන අතර මෙම ශෝකජනක මොහොතේ ශ්‍රී ලංකාව විපතට පත් පවුල් ඇතුළු ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17