ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කෙරේ

දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (07) සඳහන් කළේ.

මේ වනවිට රට මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ විශාල ව්‍යාපෘති කාර්යාල නඩත්තු කළ නොහැකි බැවින්, ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර එම ව්‍යාපෘති කාර්යාල සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකිරීමට පසුගිය දා තීරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?