ලොව ප්‍රකට සංගීත තරු පෑයූ 2023 ග්‍රැමී සම්මාන රාත්‍රියේ ජනප්‍රිය ගායිකා බියෝන්සේගෙන් වාර්තාවක් (ඡායාරූප)

ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු ගායිකා බියෝන්සේට ඇයගේ සංගීත ජීවිතයේ 32 වන ග්‍රැමී සම්මානය දිනා ගැනීමට ඊයේ (06) හැකියාව ලැබුණා.

ඒ, අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හීදී පැවති 65 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල රාත්‍රියේ දීයි.

ඒ අනුව ඇය ග්‍රැමී ඉතිහාසයේ වැඩිම සම්මාන ලැබූ කලාකරුවා බවට පත්වීම ද විශේෂත්වයක්.

සංගීත ලොව දිදුළන තරු රැසක් මෙවර ග්‍රැමී සම්මාන උළෙලට සහභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
ගායකයින්, සංගීතඥයින්, පද රචකයින් ඇතුළු සුප්‍රකට චරිත රැසක් ඊට ඇතුළත්.

මෙවර සම්මාන උළෙලේ වසරේ හොඳම සංගීත ඇල්බමයට හිමි සම්මානය දිනා ගැනීමට වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සංගීත ලොවට පිවිසි හැරී ස්ටයිල්ස්ට හැකියාව ලැබුණා.

එමෙන්ම වසරේ ඒක පුද්ගල පොප් ගායනයට හිමි ග්‍රැමී සම්මානය ඊසි ඔන් මී ගීතය ගායනා කළ අඩෙල් හට හිමි වුණා.

මේ අතර 2020 වසරේ සිට වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹු සම්මාන රාත්‍රිය ලෙස 2023 ග්‍රැමී සම්මාන උළෙල පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙවර ග්‍රැමී සම්මාන උළෙල සජීවීව ලොවපුරා නරඹා ඇති ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 12.4 කට අධික බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.