සිවුරු හොරෙක් අත්අඩංගුවට

විහාරස්ථානය පූජා භාණ්ඩ කාමරය කඩා එහි තිබූ රුපියල් 175,000ක් පමණ වටිනා සිවුරු සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සොරාගන්නා ලද සිවුරු 40ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගත් බවයි.

මහව ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (06) දහවල් මෙම සොරකම සිදුව ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු 18 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු අද (07) දින මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01