සිවුරු හොරෙක් අත්අඩංගුවට

විහාරස්ථානය පූජා භාණ්ඩ කාමරය කඩා එහි තිබූ රුපියල් 175,000ක් පමණ වටිනා සිවුරු සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සොරාගන්නා ලද සිවුරු 40ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගත් බවයි.

මහව ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (06) දහවල් මෙම සොරකම සිදුව ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු 18 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු අද (07) දින මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?