Update – පියා සහ දරු දෙදෙනා අරණායක අම්බලමක මියගිය සිද්ධිය ගැන තොරතුරු රැසක් එළියට

අරණායක, පොල්අඹේගොඩ, ගොඩිගමුව අම්බලමක මියගොස් සිටියදී අද (06) පෙරවරුවේ සොයාගත් පියා සහ දරු දෙදෙනාගේ මරණයන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ මෙම පියා සහ දරු දෙදෙනා කලක සිට ඔවුන්ගේ මව සමඟ කිසියම් ආරවුලක්න් සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

අදාළ කාන්තාව විදේශ ගතවීමට උත්සාහ කිරීමේ දී පියා විසින් ඊට විරුද්ධවීම හේතුවෙන් දෙදෙනා අතර පුද්ගලික ආරවුලක් තිබූ බවට තොරතුරු අනාවරණය තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ දිනයේ දී මෙම පියා විසින් බිරිඳව නිවසට කැඳවා ගැනීමට උත්සාකර ඇති අතර එය ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව මෙම පුද්ගලයා ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි අම්බලමක ගෙළ වැලලාගෙන ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඊට පෙර තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර, ඔහු ද දිවි නසාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පියාගේ සිරුර අම්බලමේ ප්‍රධාන බාල්කයේ එල්ලෙමින් තිබූ අතර, දරුවන් දෙදෙනාගේ සිරුරු පියා එල්ලි සිටි ස්ථානයේ බිම තිබී සොයා ගැනීමට පොලිසිය හැකිව තිබෙනවා.

මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මූලික පරීක්ෂණ සිදුකර ඇති අතර, කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද එම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.

මූලික පරික්ෂණ පැවැත් වූ මහේස්ත්‍රාත්වරයා මරණ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

මේ අතර දරුවන් දෙනාගේ සිරුරු දරුවන්ගේ මව විසින් භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති අතර, සැමියාගේ සිරුර භාර ගැනීමට ඇය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහුගේ මළ සිරුර ඔහුගේ ඥාතීන් විසින් භාර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්තර දෙන්න ඉස්සර ඔයා කාවද නියෝජනය කරන්නේ කියන්න ? - නීතිඥ සංගමයේ සභාපති හොඳටම දෙසයි
10:25
Video thumbnail
අපි මැතිවරණය තියනවා - ජනමතය බලාගන්න පුළුවන්
03:18
Video thumbnail
විපක්ෂය දැන් නන්නත්තාර වෙලා - ජනතාව ඉන්නේ අපිත් එක්ක
03:57
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
02:59
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට නීතිඥයෙක්ට යකා නගියි - ඔයා මෙතන විකෘති කරනවා..ඕවා ගන්න එන්න එපා..
04:20
Video thumbnail
අජිත් පෙරේරා එළියට ඇවිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අපේ ඔක්කොම විරුද්ධ වුණා
01:35
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ - මර්දනයෙන් රජ කරන්න හදන්නේ
01:37
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:59
Video thumbnail
අගවිනිසුරුවරයා හොර උප්පැන්න දීලද තනතුරට ආවේ ?සූරසේන සංශෝදනය ගේන්න එපා
04:14
Video thumbnail
අධිකරණයට අත නොතබනු - පොළොන්නරුවේත් මහජන පෙත්සමක්
01:21