පවුලේ ඥාතීන් විසින් භූමදාන කළ පුද්ගලයාගෙන් මිතුරෙකුට දුරකථන ඇමතුමක්

පවුලේ ඥාතීන් විසින් භූමදාන කරන ලද රික්ෂෝ රියදුරෙකු යළි පණපිටින් සොයා ගත් පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර් දිස්ත්‍රික්කයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ.

60 හැවිරිදි මෙම ඔටෝ-රික්ෂෝ රියදුරා පල්ගාර් හි අසරණ නිවසක නවාතැන් ගෙන සිටියදී මෙලෙස හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අසරණ නිවසක නවාතැන් ගෙන සිටින අතර තුර ඔහුගේ මිතුරෙකු සමඟ කතාබස් කළ වීඩියෝ පටයක්ද මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරන බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණා.

පවුලේ අය විසින් භූමදාන කරනු ලැබූ දේහය හඳුනාගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය ජනවාරි 29 වෙනිදා බොයිසාර් සහ පල්ගාර් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී දුම්රියකට යටවීමෙන් නාඳුනන පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පසුව පල්ගාර් හි රජයේ දුම්රිය පොලිසිය එම පුද්ගලයා හඳුනා ගැනීමට එම පුද්ගලයාගේ පින්තූර සමාජ මාධ්‍ය හරහා බෙදාහැර ඇති බවයි වාර්තා වුණේ.

පසුව පුද්ගලයෙක් පැමිණ එම පුද්ගලයා ඔහුගේ සහෝදරයා වන රික්ෂෝ රියදුරු රෆීක් ෂෙයික් බව පවසා ඇති අතර, ඔහු මාස දෙකකට පෙර අතුරුදහන්ව සිට ඇති බවයි පවසා ඇත්තේ.

ඒ, පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවත් සඳහන් කර තිබෙනවා.

අනතුරුව රික්ෂෝ රියදුරුගේ බිරිඳ ද ගෙන්වා සිරුර හඳුනා ගැනීමෙන් අනතුරුව එය පවුලේ අය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව පවුලේ ඥාතීන් එම දේහය මීට දින කිහිපයකට පෙර මිහිදන් කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මියගිය බව කියූ ෂෙයික් නම් රික්ෂෝ රියදුරා තම මිතුරෙකුට පසුගිය දා ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලබදී ඇති බවයි වාර්තා වුණේ.

එම ඇමතුමෙන් කම්පනයට පත් වූ මිතුරා මේ සම්බන්ධයෙන් ෂෙයික්ගේ පවුලේ සාමාජිකයින් වෙත දැනුම් දී ඇති අතර, පසුව පවුලේ ඥාතීන් ෂෙයික් සමඟ සම්බන්ධ වී තිබෙනවා.

එහිදී ෂෙයික් පවසා ඇත්තේ තමන් හොඳින් සිටින බවයි.

ෂෙයික් මාස කිහිපයකට පෙර තම නිවස හැර ගොස් පල්ගාර් හි සෆාලා හි අසරණ නිවසක දිවිගෙ වූ බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
09:41
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51
Video thumbnail
🔴Breaking News
04:05
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06