දර්ශන හඳුන්ගොඩට ඇප

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස හඳුන්වන දර්ශන හඳුන්ගොඩට ඇප ලබාදී තිබෙනවා.

ඒ, ඔහු පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (06) දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දර්ශන හදුන්ගොඩ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ ඊයේ (05) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පරිගණක අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම මඟ හැරයාමේ චෝදනාව මතයි ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ.

දර්ශන හදුන්ගොඩ ඊයේ (05) රාත්‍රී 09.55ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

.