AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදි සොරකම්වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

හොරණ සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල යතුරුපැදි සොරාගෙන අංක තහඩු වෙනස් කර, මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සඳහා එම යතුරු පැදි භාවිත කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හොරණ මහහේන වැව අසල නිවසකින් ගෑස් සිලින්ඩරයක් සොරා ගැනීමේ සිද්ධියක් ද අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හොරණ අරමනාගොල්ල කාර්මික ජනපදයේ පිහිටි කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් සොරා ගන්නා අයුරු එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.

එම දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණවලට අනුව සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා හොරණ වැලිකල සහ කනේවල ප්‍රදේශවල දී අත්අඩංගුවට ගැනුණා.

බණ්ඩාරගම දී සහ හොරණ ප්‍රදේශයේදී තවත් යතුරුපැදි දෙකක් සොරා ගැනීම සම්බන්ධයෙන් හා 2022 වසරේ අගෝස්තු මස 25 වැනි දින හොරණ ප්‍රදේශයෙන් සොරා ගත් තවත් යතුරුපැදියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව සැකකරුවන්ගේ නිවෙස්වල සඟවා තිබූ අංක තහඩු වෙනස් කරන ලද එම යතුරු පැදි සහ සොරාගත් ගෑස් සිලින්ඩරය සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදි සොරකම් දෙකක් සැකකරුවන් සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවකට සිරගතව සිට නිදහස්ව පැමිණ පසුගිය මස අවසන් සතියේ බව හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ම තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

වයස අවුරුදු 23 හා 26 අතර පසුවන සැකකරුවන් දෙදෙනා අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?