යතුරුපැදි සොරකම්වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

හොරණ සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල යතුරුපැදි සොරාගෙන අංක තහඩු වෙනස් කර, මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සඳහා එම යතුරු පැදි භාවිත කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හොරණ මහහේන වැව අසල නිවසකින් ගෑස් සිලින්ඩරයක් සොරා ගැනීමේ සිද්ධියක් ද අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හොරණ අරමනාගොල්ල කාර්මික ජනපදයේ පිහිටි කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් සොරා ගන්නා අයුරු එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.

එම දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණවලට අනුව සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා හොරණ වැලිකල සහ කනේවල ප්‍රදේශවල දී අත්අඩංගුවට ගැනුණා.

බණ්ඩාරගම දී සහ හොරණ ප්‍රදේශයේදී තවත් යතුරුපැදි දෙකක් සොරා ගැනීම සම්බන්ධයෙන් හා 2022 වසරේ අගෝස්තු මස 25 වැනි දින හොරණ ප්‍රදේශයෙන් සොරා ගත් තවත් යතුරුපැදියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව සැකකරුවන්ගේ නිවෙස්වල සඟවා තිබූ අංක තහඩු වෙනස් කරන ලද එම යතුරු පැදි සහ සොරාගත් ගෑස් සිලින්ඩරය සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදි සොරකම් දෙකක් සැකකරුවන් සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවකට සිරගතව සිට නිදහස්ව පැමිණ පසුගිය මස අවසන් සතියේ බව හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ම තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

වයස අවුරුදු 23 හා 26 අතර පසුවන සැකකරුවන් දෙදෙනා අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12