ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය ගැන අවධානය

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඩිජිටල්කරණය කිරීම සහ ආයෝජනයට අවශ්‍ය සියලු අනුමතීන් කඩිනමින් ලබාගැනීම සඳහා එක් ස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවසථාවේදී යි මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ.

මෙම විශේෂ කාරක සභාව සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත සම්මේලනය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරන ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන නිලධාරීන් සම්බන්ධ වුණා.

මෙහිදී ඒ ඒ පාර්ශ්වයන් මෙරට ආයෝජන ප්‍රවර්ධනය සඳහා තම ගැටලු යෝජනා යෝජනා පිළිබඳව කාරක සභාව දැනුවත් කළ අතර පැමිණ සිටි බොහෝ පිරිසකගේ අදහස වූයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඩිජිටල්කරණය කිරීම සහ ආයෝජනය සඳහා අවශ්‍ය සියලු අනුමතීන් ලබාගැනීමට එක් ස්ථානයක් ස්ථාපිත කිරීම වැදගත් වන බවයි.

මේ සම්බන්ධයෙන් මෙම කාරක සභාවට මින් පෙරද යෝජනා ඉදිරිපත් වී ඇති බව පැවසූ කාරකසභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පැවසුවේ පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිවරයාට මේ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

එසේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැමිණ සිටි පාර්ශ්ව පෙන්වා දුන් අතර මධුර විතානගේ මහතා සඳහන් කළේ මේ පිළිබඳ වෘත්තීයවේදීන් ලෙස ඒ ඒ අංශ හා සම්බන්ධ පාර්ශ්ව ඉදිරිපත්කරන අදහස් වැදගත් වන බවයි.

මේ නිසා ප්‍රසිද්ධ මාධ්‍ය හරහාද මේ පිළිබඳ දැනුවත් කිරීමේ අවශ්‍යතාව හෙතෙම පෙන්වා දී තිබෙනවා.

තවද රටවල් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව පසුවන ස්ථානයද ආයෝජන ප්‍රවර්ධනයට බලපාන බවත් එම ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට පැමිණීමේ අවශ්‍යතාවත් මෙහිදී පැමිණ සිටි පාර්ශ්ව අවධාරණය කළා.

එසේම මෙරට වෙළඳපොළ ප්‍රමාණය සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47