spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය ගැන අවධානය

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඩිජිටල්කරණය කිරීම සහ ආයෝජනයට අවශ්‍ය සියලු අනුමතීන් කඩිනමින් ලබාගැනීම සඳහා එක් ස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවසථාවේදී යි මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ.

මෙම විශේෂ කාරක සභාව සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත සම්මේලනය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරන ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන නිලධාරීන් සම්බන්ධ වුණා.

මෙහිදී ඒ ඒ පාර්ශ්වයන් මෙරට ආයෝජන ප්‍රවර්ධනය සඳහා තම ගැටලු යෝජනා යෝජනා පිළිබඳව කාරක සභාව දැනුවත් කළ අතර පැමිණ සිටි බොහෝ පිරිසකගේ අදහස වූයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඩිජිටල්කරණය කිරීම සහ ආයෝජනය සඳහා අවශ්‍ය සියලු අනුමතීන් ලබාගැනීමට එක් ස්ථානයක් ස්ථාපිත කිරීම වැදගත් වන බවයි.

මේ සම්බන්ධයෙන් මෙම කාරක සභාවට මින් පෙරද යෝජනා ඉදිරිපත් වී ඇති බව පැවසූ කාරකසභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පැවසුවේ පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිවරයාට මේ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

එසේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැමිණ සිටි පාර්ශ්ව පෙන්වා දුන් අතර මධුර විතානගේ මහතා සඳහන් කළේ මේ පිළිබඳ වෘත්තීයවේදීන් ලෙස ඒ ඒ අංශ හා සම්බන්ධ පාර්ශ්ව ඉදිරිපත්කරන අදහස් වැදගත් වන බවයි.

මේ නිසා ප්‍රසිද්ධ මාධ්‍ය හරහාද මේ පිළිබඳ දැනුවත් කිරීමේ අවශ්‍යතාව හෙතෙම පෙන්වා දී තිබෙනවා.

තවද රටවල් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව පසුවන ස්ථානයද ආයෝජන ප්‍රවර්ධනයට බලපාන බවත් එම ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට පැමිණීමේ අවශ්‍යතාවත් මෙහිදී පැමිණ සිටි පාර්ශ්ව අවධාරණය කළා.

එසේම මෙරට වෙළඳපොළ ප්‍රමාණය සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?