spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත මුදලිගේ නිදහස් කිරීම ගැන අභියාචනයක් ගොනු කිරීමට පොලිසිය සැරසෙයි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ වරදවල් සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම විමර්ශන ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය විසින් සිදු කළ බවයි.

අදාළ නඩුව පසුගිය ජනවාරි මස 31 වනදා කැඳවූ අවස්ථාවේදීයි වසන්ත මුදලිගේ නිදහස් කරමින් අධිකරණය නියෝගය ලබාදුන්නේ.

එම නියෝගය සම්බන්ධයෙන් පවතින නෛතික විධි විධාන ප්‍රකාරව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානය විසින් අද නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කළා.

එම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 80303/01/22 යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර, එම පනත ප්‍රකාරව සැකකරුට එරෙහිව කිසිදු වරදක් අනාවරණය නොවන බවට තීන්දු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගිය 31 වැනිදා එම සැකකරු නිදහස් කරමින් නියෝගයක් නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?